Wednesday, October 20, 2010
අම්මලාගෙ විභාගය...
සෙල්ලම් කරල හරියයි..
මොනව කරනවද...
ගහක් උඩට වෙලා...
කිව්වෙ ගන්නයි පොතක්..
බලාගෙනයි නැගිට්ටොත් පුටුවෙන්...!
පෙරහුරුපත්
අහස උසට..
කලාද ඊයෙ homework....?
news වලටත්
කන් දෙන්න...
ඔය වැඩේ කරන ගමන්...
මොකට බලනවද cartoon...
ඕවා නෑ විභාගයට..
classes තියෙයි දවස පුරා
බත් ගිල්ලයි විනාඩියට..
කරනව හොඳ වැඩක්,,,
අඩු උනොත්/පැරදුනොත් යාලුවට..
අනිත් අම්මලා ලකුණු ඇහුවම..
ලැජ්ජ වෙන්නෙ අපිට...
pass උනොතින් විතරයි..
අරන් දෙන්නෙ
ලට්ටා පට්ටා...
කියමින් හැල්මෙ දුවනවා..
පු0චි උන්ව හති වට්ටා
පැරදුණාට...race එකෙන්
දරුවට නෑ කිසි ගානක්..
නමුදු අම්මලා අඩනවා..
ලෝකෙම නැතිඋනු ගානට..
Subscribe to:
Post Comments (Atom)

yep..thatz totally true..i agree wth u.
ReplyDelete