Wednesday, October 20, 2010

ප්‍රශ්ණාර්ථය....?



පිල් බෙදෙමින්
ගසා ගනියි මඩ
කියයි එකටෙක
නටයි විගඩම්
ලොවම ගිල්වයි
සරදම් සිනහවෙක...

අද මෙහේ..හෙට එහේ..
ඇතුවා වාගේ
දිව දෙක
රග දෙන ගමන්
සියල්ලෝ දොඩයි
'මමයි එක'...

කරයි වරුණා
දනන් දමමින්
0 මුලාවෙක
පුදුමෙකුත් නෑ
මෝල් දලුලන
මෙහෙවු යුගයෙක

ලොවක් සනහන
නියමුවන් වූ
උතුම් සස්නෙක
අඳෝමැයි, බුදු පුතුන්
මැදිවන එක තමයි දුක...

උසස් මනුසත්
වැටී ඇති කල
ගැඹුරු නින්දෙක
තවත් සමහරු
ඇත බලාගෙන 
ප්‍රශ්ණාර්ථෙක......?

2 comments:

  1. I also agree with your idea......
    Because that's the real truth..
    As well as there is no solution for this yet..
    So I think we have to create a new world with new vision.............


    Janith Rupananda
    UOP-E-Fac

    ReplyDelete
  2. nice one Sepali, keep it up...!!! :) - Hansika

    ReplyDelete