යළි තනන නටඹුන්...
එදා නිමැවුණු
මහා ගල්කණු
තවම නොසැලී බලා ඉන්නේ
දවස යටගිය
අපේ ඇත්තන්
දහදියෙන් තැනූ
නටඹුන්ව ගිය
විශ්ව කර්මය
අද අපේ අය
යළි නගන්නට
හදන අයුරුය...
මහා සෑයක්
තනන්නට යන
වෙනස කිමදැයි
එදා සහ අද
අසා ගන්නට
හොඳම අය නම්
මේ මහා සෙල්කුලු
නොවේදැයි
සිතුණි
එනමුදු,,
කතා නොකරයි
නිසල ගල්කණු!!!
No comments:
Post a Comment