අපරදිගින් හිරු හැංගී ගිය විට
මුලු පරිසරයම අඳුරු වුණා
ඉර නැති අහසේ අඳුර මකන්නට
සඳු කුමරිය හෙමිහිට නැඟුණා
මුලු පරිසරයම අඳුරු වුණා
ඉර නැති අහසේ අඳුර මකන්නට
සඳු කුමරිය හෙමිහිට නැඟුණා
අහසේ සඳ සමගින් රජ කරනට
තරු කුමරියො වටේට පිරුණා
ගංගැ ඇළ දොළ එකලු කරන්නට
සඳකැන් ඒ අතරින් දිලුණා
රඟමඩලක් වූ ආකාශය දැක
තුරුලිය මනමත් වී නැටුවා
සුළඟට බියවී සිටි බකමූණන්
බියකරු වූ හඬකින් ඇඬුවා
තුරුලිය මනමත් වී නැටුවා
සුළඟට බියවී සිටි බකමූණන්
බියකරු වූ හඬකින් ඇඬුවා
සඳු කුමරිය සාගරයට එබිලා
මුලු සාගරයම පහන් කළා
සඳ එළියෙන් මනමත් ආකාසේ
යළි හිරු කුමරුට භාර කළා..





