ඉහවහා ගිය මෙතින්..
සිටියාලු නාගයෙක්..
සිදුවීය අවසනේ..
බැදෙන්නට දර මිටක..
හොඳ උනා වැඩි කමට...
අයෙක් වෙත් ඒ සෑම..
ඒ තමයි සොබාදම..
පිනවමින් මනුසතුන්..
ආදරෙන් දිරි දුන්න..
ජීවිතේ ගෙන යන්න..
ගහකොළට, දිය ටිකට...
හිරු එළිය මද පවන..
කුසගින්න නිවුවාට..
මිලක් නැහැ කිසිදාක..
හෙවනක්ව උන්නාට...
පිපුනු මල්වල සුවඳ..
සිරි මවන වන සතුන්...
සියොත් ගී, මියුරු ඵල...
සිසිළ ගෙනෙනා නිල්ල..
දුන්නීය අලෝභව..
අසීමිත උවමනා..
වැඩි වෙමින් දිනෙන් දින..
වින කලා ගහ කොළට...
මත්වෙලා මිනිස් රැළ..
ලං වෙමින් E ලොවට...
මහා උස ගොඩනැගිලි..
යටකලා වන කැදලි..
ලෝකයක පවස නිවු..
දිය සිඳුණි උල්පතෙහි..
සොබාදම සෝ දුකෙනි...
ඇයිද මේ සා විපත්..
නුඹලාට කැඹුරුවෙමි..
නසන්නේ මා මෙලෙස..
කලාටද මොන වරද...
හඬයි ඈ ඇසුනාද..?
නැහැ වගේ ඇහෙන්නේ..
දුකක් නැත, වගක් නැත..
තව තවත් හැමදාම..
මා පෙලයි හිත් නැතිව..
නාගයට කල සේම..
නොහැකි තැන ඉවසන්න..
සැඟෙවුවා මිතුරු සිත..
නපුරු වී..චන්ඩ වී...
සැරසිලා සොබාදම..
මිනිස් ලොව පෙලන්නට...
කැළඹුවා මහ සයුර..
ඇහැරලා ගිනි කන්ද..
දෙදරවයි අහස් ගඟ..
දියෙන්, ගින්නෙන් සැණින්..
යටකලා මහ පොළොව..
ඇහැරලා ගිනි කන්ද..
දෙදරවයි අහස් ගඟ..
දියෙන්, ගින්නෙන් සැණින්..
යටකලා මහ පොළොව..
විත්තිකරුවන් කවුද..
සිදුවෙනා විපත්වල..
වැරදි කල අපි අපිම..
අනේ මේ අවනඩුව..
දැන් කාට කියන්නද.........?

ඇත්තම කතාවක්..ලස්සනට පද ගලපලා...
ReplyDeleteThanx නිම්ශා...!
ReplyDeleteඅගේට ලියල තියේ , අපිම කරානම් අපිටම විදවන්න වෙයි , සොබාදහමෙත් සීමා කඩන් යන්න හැදුවොත් වේය මහා විපත් , ඔය පේන්නැද්ද වෙන දේවල්
ReplyDeleteස්තූතියි කසුන්....කතාව ඇත්ත.
ReplyDelete