Thursday, July 21, 2011

සඳ පෑයූ රැයක්......!


අපරදිගින් හිරු හැංගී ගිය විට
මුලු පරිසරයම අඳුරු වුණා
ඉර නැති අහසේ අඳුර මකන්නට
සඳු කුමරිය හෙමිහිට නැඟුණා

අහසේ සඳ සමගින් රජ කරනට
තරු කුමරියො වටේට පිරුණා
ගංගැ ඇළ දොළ එකලු කරන්නට
සඳකැන් ඒ අතරින් දිලුණා

රඟමඩලක් වූ ආකාශය දැක
තුරුලිය මනමත් වී නැටුවා
සුළඟට බියවී සිටි බකමූණන්
බියකරු වූ හඬකින් ඇඬුවා

සඳු කුමරිය සාගරයට එබිලා
මුලු සාගරයම පහන් කළා
සඳ එළියෙන් මනමත් ආකාසේ
යළි හිරු කුමරුට භාර කළා..

1 comment:

  1. එකපාර ලොකු වෙන්න බෑනෙ..තව ලියන්න
    ඒ වාගෙම කියවන්න..ඔබ එවිට මුවහත් වේවි...

    තව දෙයකි මේ වර්ඩ් වේරිෆිකේෂන් අයින් කරන්න නැත්නම් මාර වාතයක් තමයි කොමන්ට් දාන අයට තියෙන්න

    ReplyDelete