අරුත ආ සෙනෙහසේ
දරා දරුවන් කුසේ
ලෝකයම ලැබුව සේ
නැගී මුව මදහසේ
සදා නොවෙනස් දෑසේ
ඒ නොවෙද අමරසේ
කියන්නේ කොයි ලෙසේ
වදන් මදිවෙයි බසේ
ලෝකයම ලැබුව සේ
නැගී මුව මදහසේ
සදා නොවෙනස් දෑසේ
ඒ නොවෙද අමරසේ
කියන්නේ කොයි ලෙසේ
වදන් මදිවෙයි බසේ
විසල් සාගරය සේ
උතුම් ගුණ බොහෝ සේ
සිතෙයි විටකදි මෙසේ
දෙව් දුවක විලසේ
උතුම් ගුණ බොහෝ සේ
සිතෙයි විටකදි මෙසේ
දෙව් දුවක විලසේ
සුව සතුට නිදහසේ
නොමදවම ලබනසේ
කවිපෙලක් වේ මෙසේ
පතමි දෙව් අනුහසේ

No comments:
Post a Comment