හෝව් හෝව් හා,, හා..යනව නම්...
නැගගන්න ඉක්මනින්..හරේ යං...
පැත්තකට වන්නකෝ නොමැති නම්..
දුවනවා නගින්නට හති දමන්...
කොහාටද? බහින්නෙ කොතනින්ද..?
රියදුරුයි සහයකයි දෙන්නාම..
පැණ අසයි නගින්නට නොතියාම...
ලඟ බහින අය එපා මෙහි එන්න..
කනේමයි ජංගමය දෙන්නගෙම..
දැන් කොහිද පිටුපසින් එන බසය...
යළි අසයි බසය ගැන කලින් ගිය
bell එකත් ඇහෙන්නැහැ කලබලය...
මේ වෙලේ නෑ දෙන්නෙ ඉතුරු නම්..
බහිනකොට ඉල්ලන්න ඕනෙ නම්..
බැහැගන්න, තෙරපෙන්න නොහැකිනම්..
ඔරවලා ගොරවලා කියයි දැන්..
බහින්නට ඕන තැන පහු වෙලා..
බැහැගන්න කලින් යයි ඉගිලිලා..
ඉතුරු සල්ලියි, ticket miss වෙලා
යමු අපිත් bus එකෙ හිනැහිලා...
මේ වෙලේ නෑ දෙන්නෙ ඉතුරු නම්..
බහිනකොට ඉල්ලන්න ඕනෙ නම්..
බැහැගන්න, තෙරපෙන්න නොහැකිනම්..
ඔරවලා ගොරවලා කියයි දැන්..
බහින්නට ඕන තැන පහු වෙලා..
බැහැගන්න කලින් යයි ඉගිලිලා..
ඉතුරු සල්ලියි, ticket miss වෙලා
යමු අපිත් bus එකෙ හිනැහිලා...

ගුගල් බස් එකේ යමු එහෙනම්.. :)
ReplyDeleteලස්සනයි... :)
nice idea..keep it up sepali
ReplyDelete