Friday, November 5, 2010
නිසල නිහඬ ප්‍රේමයක මිහිරියාව.....
සෙල් කුළක,
කැටයමක, නිදන්ගත
ප්‍රේමයේ මිහිරියාව
මෙහෙමත් සියුම් කොට...
කොහොමට දැනේදෝ
එය
ලෙයින් මසින්
හැදි
ස0වේදීම
හිතකට.....!
Wednesday, October 27, 2010
Destiny.....
පෙර සසර
හමුවූ බව
මතකයට නොනැගුණු මුත්
එකට හිඳි
කාලය
පුරාවට,,,
ඈත් වී
බොහෝ කලකට පසුව
සොඳුරු බිම් කඩෙක
සීතලම සීත දාක..
නෙත් බැල්මකින්
මගේ
එකමෙක...
අපි අපේ වී උන් බව..
පෙරදාක
හැඳිනගත්තා
නොවෙද ඔබ..
අපූරුම
අයුරකට....!
Thursday, October 21, 2010
යළි තනන නටඹුන්...
එදා නිමැවුණු
මහා ගල්කණු
තවම නොසැලී බලා ඉන්නේ
දවස යටගිය
අපේ ඇත්තන්
දහදියෙන් තැනූ
නටඹුන්ව ගිය
විශ්ව කර්මය
අද අපේ අය
යළි නගන්නට
හදන අයුරුය...
මහා සෑයක්
තනන්නට යන
වෙනස කිමදැයි
එදා සහ අද
අසා ගන්නට
හොඳම අය නම්
මේ මහා සෙල්කුලු
නොවේදැයි
සිතුණි
එනමුදු,,
කතා නොකරයි
නිසල ගල්කණු!!!
Wednesday, October 20, 2010
ප්‍රශ්ණාර්ථය....?
පිල් බෙදෙමින්
ගසා ගනියි මඩ
කියයි එකටෙක
නටයි විගඩම්
ලොවම ගිල්වයි
සරදම් සිනහවෙක...
අද මෙහේ..හෙට එහේ..
ඇතුවා වාගේ
දිව දෙක
රග දෙන ගමන්
සියල්ලෝ දොඩයි
'මමයි එක'...
කරයි වරුණා
දනන් දමමින්
ම0 මුලාවෙක
පුදුමෙකුත් නෑ
මෝල් දලුලන
මෙහෙවු යුගයෙක
ලොවක් සනහන
නියමුවන් වූ
උතුම් සස්නෙක
අඳෝමැයි, බුදු පුතුන්
මැදිවන එක තමයි දුක...
උසස් මනුසත්
වැටී ඇති කල
ගැඹුරු නින්දෙක
තවත් සමහරු
ඇත බලාගෙන
ප්‍රශ්ණාර්ථෙක......?
අම්මලාගෙ විභාගය...
සෙල්ලම් කරල හරියයි..
මොනව කරනවද...
ගහක් උඩට වෙලා...
කිව්වෙ ගන්නයි පොතක්..
බලාගෙනයි නැගිට්ටොත් පුටුවෙන්...!
පෙරහුරුපත්
අහස උසට..
කලාද ඊයෙ homework....?
news වලටත්
කන් දෙන්න...
ඔය වැඩේ කරන ගමන්...
මොකට බලනවද cartoon...
ඕවා නෑ විභාගයට..
classes තියෙයි දවස පුරා
බත් ගිල්ලයි විනාඩියට..
කරනව හොඳ වැඩක්,,,
අඩු උනොත්/පැරදුනොත් යාලුවට..
අනිත් අම්මලා ලකුණු ඇහුවම..
ලැජ්ජ වෙන්නෙ අපිට...
pass උනොතින් විතරයි..
අරන් දෙන්නෙ
ලට්ටා පට්ටා...
කියමින් හැල්මෙ දුවනවා..
පු0චි උන්ව හති වට්ටා
පැරදුණාට...race එකෙන්
දරුවට නෑ කිසි ගානක්..
නමුදු අම්මලා අඩනවා..
ලෝකෙම නැතිඋනු ගානට..
රුධිරය....
මා දන්නා තරමින්...
මගේ ලේ බිඳුවක ස0යුතියෙහි ඇත්තේ....
ඔබේ නමට ලියවුනු ආදරයම පමණි.......
එසේ නම්,,,
දිවිය පුරා මා ජීවත් කරන්නේ...
ඔබම බැව්,,
ඔබේ ආදරය පමණක්ම බැව්,,
නිරායාසයෙම්ම තහවුරු වී හමාරය...
ඉතින් මා ජීවත් කරන්න...........
Tuesday, October 19, 2010
ඇරඹුම......
තවම මෙලොව එලිය නොදුටුවත්...
උපදින්නට පෙරැම් පුරන මා හට...
තවත් ඇත්තේ එකම එක බලාපොරොත්තුවයි.....
ඒ ඔබ දෙදෙනාගේ ආදරයේ ජයග්‍රහණයයි...
තව ටික දුරයි අම්මා....
දූ,,යෂ්.
Subscribe to:
Comments (Atom)




