Thursday, July 21, 2011

සඳ පෑයූ රැයක්......!


අපරදිගින් හිරු හැංගී ගිය විට
මුලු පරිසරයම අඳුරු වුණා
ඉර නැති අහසේ අඳුර මකන්නට
සඳු කුමරිය හෙමිහිට නැඟුණා

අහසේ සඳ සමගින් රජ කරනට
තරු කුමරියො වටේට පිරුණා
ගංගැ ඇළ දොළ එකලු කරන්නට
සඳකැන් ඒ අතරින් දිලුණා

රඟමඩලක් වූ ආකාශය දැක
තුරුලිය මනමත් වී නැටුවා
සුළඟට බියවී සිටි බකමූණන්
බියකරු වූ හඬකින් ඇඬුවා

සඳු කුමරිය සාගරයට එබිලා
මුලු සාගරයම පහන් කළා
සඳ එළියෙන් මනමත් ආකාසේ
යළි හිරු කුමරුට භාර කළා..

Wednesday, July 13, 2011

අම්මා



අරුත ආ                 සෙනෙහසේ
දරා දරුවන්                       කුසේ
ලෝකයම                  ලැබුව සේ
නැගී මුව                       මදහසේ

සදා නොවෙනස්               දෑසේ
ඒ නොවෙද                  අමරසේ
කියන්නේ කොයි           ලෙසේ
වදන් මදිවෙයි                  බසේ

විසල් සාගරය                     සේ
උතුම් ගුණ බොහෝ            සේ
සිතෙයි විටකදි               මෙසේ
දෙව් දුවක                     විලසේ

සුව සතුට                   නිදහසේ
නොමදවම                ලබනසේ
කවිපෙලක් වේ             මෙසේ
පතමි දෙව්                 අනුහසේ

Thursday, July 7, 2011

ඔබ ලෙස වන්නෙමු....!


 මඩ පිරුණු විලක පිපි
රත් තඹරු මලක් සේ
අඳුරු විජිතයකදී
බිහිවුණා සඳක් සේ
සිහල කම රකිනු වස්
වීර සිංහලකු සේ
අන් දිරිය පුතුන් හා
බැඳුණි ඔබ දමක් සේ
ජීවිතය ගත කළේ
බ්‍රහ්ම්චරියකු සේ
එලෙස කැපවුණු නිසයි
සිහි කරන්නේ දෙසේ
උබේ නම අපගේම
විදු පියස වී මෙසේ
උත්සාහය තනන්නයි
දූපුතුන් ඔබ ලෙසේ...