Friday, March 25, 2011

සයිබර් ප්‍රේමය.....

ඇය :
…නමත් හොද හිත ඇදෙන....
…හරිම handsome මුහුණ..
දළ ඇතෙක් පිට නැගුන...
…තකට තක මට කැපෙන...
…පිටරටක දිවි ගෙවන...
...PHD හැමතැනම...
…හරි ආදරෙන් දොඩන...
…පිනට මට මුණගැසුන...

ඔහු :…
…cafe 1කට ගොහින...
…මුහුණු පොත වෙත එබුණ...
…වගෙයි ඈ රූ රැජින...
…කිසිදාක හමුනොවුන...
…මගේ පාලුව මකන...
…ඇන්දිලා chat කරන....
…ඔහේ ඇවිද කාලෙ කන...
…මට මදිද ඒ ටිකම....




Friday, March 18, 2011

කළකම් පලදේ...!



ඉහවහා ගිය මෙතින්..
සිටියාලු නාගයෙක්..
සිදුවීය අවසනේ..
බැදෙන්නට දර මිටක..
හොඳ උනා වැඩි කමට...

අයෙක් වෙත් ඒ සෑම..
ඒ තමයි සොබාදම..
පිනවමින් මනුසතුන්..
ආදරෙන් දිරි දුන්න..
ජීවිතේ ගෙන යන්න..

ගහකොළට, දිය ටිකට...
හිරු එළිය මද පවන..
කුසගින්න නිවුවාට..
මිලක් නැහැ කිසිදාක..
හෙවනක්ව උන්නාට...

පිපුනු මල්වල සුවඳ..
සිරි මවන වන සතුන්...
සියොත් ගී, මියුරු ඵල...
සිසිළ ගෙනෙනා නිල්ල..
දුන්නීය අලෝභව..

අසීමිත උවමනා..
වැඩි වෙමින් දිනෙන් දින..
වින කලා ගහ කොළට...
මත්වෙලා මිනිස් රැළ..
ලං වෙමින් E ලොවට...

මහා උස ගොඩනැගිලි..
යටකලා වන කැදලි..
ලෝකයක පවස නිවු..
දිය සිඳුණි උල්පතෙහි..
සොබාදම සෝ දුකෙනි...

ඇයිද මේ සා විපත්..
නුඹලාට කැඹුරුවෙමි..
නසන්නේ මා මෙලෙස..
කලාටද මොන වරද...
හඬයි ඈ ඇසුනාද..?

නැහැ වගේ ඇහෙන්නේ..
දුකක් නැත, වගක් නැත..
තව තවත් හැමදාම..
මා පෙලයි හිත් නැතිව..
නාගයට කල සේම..

නොහැකි තැන ඉවසන්න..
සැඟෙවුවා මිතුරු සිත..
නපුරු වී..චන්ඩ වී...
සැරසිලා සොබාදම..
මිනිස් ලොව පෙලන්නට...

කැළඹුවා මහ සයුර..
ඇහැරලා ගිනි කන්ද..
දෙදරවයි අහස් ගඟ..
දියෙන්, ගින්නෙන් සැණින්..
යටකලා මහ පොළොව..

විත්තිකරුවන් කවුද..
සිදුවෙනා විපත්වල..
වැරදි කල අපි අපිම..
අනේ මේ අවනඩුව..
දැන් කාට කියන්නද.........?

Sunday, March 6, 2011

බස්........!




හෝව් හෝව් හා,, හා..යනව නම්...
නැගගන්න ඉක්මනින්..හරේ යං...
පැත්තකට වන්නකෝ නොමැති නම්..
දුවනවා නගින්නට හති දමන්...

කොහාටද? බහින්නෙ කොතනින්ද..?
රියදුරුයි සහයකයි දෙන්නාම..
පැණ අසයි නගින්නට නොතියාම...
ලඟ බහින අය එපා මෙහි එන්න..

කනේමයි ජංගමය දෙන්නගෙම..
දැන් කොහිද පිටුපසින් එන බසය...
යළි අසයි බසය ගැන කලින් ගිය
bell එකත් ඇහෙන්නැහැ කලබලය...

මේ වෙලේ නෑ දෙන්නෙ ඉතුරු නම්..
බහිනකොට ඉල්ලන්න ඕනෙ නම්..
බැහැගන්න, තෙරපෙන්න නොහැකිනම්..
ඔරවලා ගොරවලා කියයි දැන්..

බහින්නට ඕන තැන පහු වෙලා..
බැහැගන්න කලින් යයි ඉගිලිලා..
ඉතුරු සල්ලියි, ticket miss වෙලා
යමු අපිත් bus එකෙ හිනැහිලා...