Monday, April 18, 2011

රැඳී සිටින්න...!

 
 
රැඳී සිටින්න...!
කුමකටද..?
පුරුදු සෙනෙහස, සුවඳ
උණුසුම
සිනහව හා ජීවිතය
රැගෙන
එන තුරා ඔබ
වෙතට......

කවදාද...?
ඊළඟ
ආත්මයේ සිට
නිවන් දක්නා තුරුම
සසර ජාති ජාතිත්
උපදිනා
හැම ආත්මයකම......!

Friday, April 8, 2011

සුභ උපන් දිනක්...!


Happy Birth Day - Picture for Me

ආදරේ හිත පුරෝගෙන...
දෙතොලට හිනා ගෙනැවිත්...
මගේ ලොවට මහමෙරක් උන..
නුඹේ උපන් දිනය ඇවිත්...
ලගින් ඉඳ සුභ පැතුම්..
ගෙනෙන්නට නැති උනත්..
මම මෙහෙම ලියන්නම්...
නුඹ ලගයි හිත දැනුත්...

දිනේවා හැමදාම..
රැකේවා සුව සෙතත්...
විඳින්නට ලැබේවා...
ජය සතුට තව තවත්...
බාදාව, දුක, කඳුල..
ජීවිතේ බෝ ඇතත්..
නොසැලීම හිඳිනු මැන..
හෙවනැල්ල වී මගෙත්.......!